ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහනේ තෙවන දිනය අදයි.
පසුගිය දින දෙක පුරා විශාල පිරිසක් අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසල් උපකරණ රැසක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරනු ලැබුවා.
ඒ සඳහා බොහෝ දරුවන් සිය දෙමව්පියන් උනන්දු කර තිබූ බවයි නෙත් එෆ් එම් සහකාර සාමාන්‍යාධිකාරි අලෙවි සහ දිරිය නෙත් ව්‍යාපෘතියේ සභාපති සුනිල් ශාන්ත මහතා පැවසුවේ.
එමෙන්ම ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සදහා ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය වෙනුවෙන් කොල්ලුපිටියේ 05 වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිරි සංකීර්ණය වෙත අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසැල් උපකරණ ඔබට භාරදිය හැකියි.
එම උපකරණ භාර ගැනීම සඳහා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ස්ථාපිත මධ්‍යස්ථානයද අද දිනයේත් ක්‍රියාත්මකයි.
මේ අතර ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා බණ්ඩාරවෙල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට සිය පරිත්‍යාග බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් මහා විහාරස්ථානය වෙත තවදුරටත් ලබාදිය හැකි වනවා.
මේ අතර හානියට පත් පාසල් පිරිසිදු කිරීමට මෙන්ම හානියට පත් උපකරණ ලබාදීමට ද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරය යටතේ ඉදිරියේදී සිදුවනවා.




