පුද්ගලයින්ගේ රෝග හඳුනාගැනීමට රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය වන සී ටී ස්කෑන් යන්ත්‍ර, එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර දිවයිනේ රෝහල් කිහිපයකම මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් එම යන්ත්‍රවල නඩත්තු කටයුතු සිදු කරන ලෙසයි.

 

වාර්ෂික සේවා ගිවිසුම් යාවත්කාලීන නොවීම නිසා රෝහල් පද්ධතිය තුළ පවතින යන්ත්‍ර කිහිපයක් ක්‍රියා විරහිත වීමේ අවදානමක් පවතින බවයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවේ.