සුළු, මධ්‍ය හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් මගින් ඉකුත් 25 වන දින සිට ඊයේ දිනය දක්වා වූ සතිය තුළ සැකකරුවන් 3,307 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දිවයින පුරා සිදුකළ වැටලීම් 3,312කදීයී.

එම වැටලීම්වලදී හෙරොයින් මතද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය, හෑෂ් මත්ද්‍රව්‍ය, ගංජා, ගංජා පැළ, මත්පෙති සහ දුම්වැටි සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

වැටලීම් වැඩිම ගණනක් සිදු කර ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදියි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම්වලට අදාළව ගංජා කිලෝ ග්‍රෑම් 174කට අධික ප්‍රමාණයක් සොයාගත් බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.