මෙම දිනවල වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් නිරීක්ෂණය වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා.

උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය ඉහළ ගොස් ඇති බවයි ඔහු පැවසුවේ.

රටෙහි වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් ඊයේ සහ අද දිනයේ නිරීක්ෂණය වූ බවත් වායු තත්ත්ව දර්ශක මේ වනවිට 150ත් 200ත් අතර අගයක පවතින බවත් ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළා.

මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමගම මෙම තත්ත්වය ඇති වන බවයි.

කෙසේවෙතත් එම තත්ත්වය අද දිනයෙන් පසුව පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.