හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දීපාවලී උත්සවයේ ජාතික දීපාවලී උත්වසය අද දින හැටන් නගරයේදී පැවැත්වුණා.

ඒ, හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේදීයි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකොන් මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික දීපාවලී උත්සවය පැවැත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් සිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරුක්කල් විසින් ජාතික දීපාවලී උත්සවයට පැමිණි ආරාධිතයන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක්ද පවත්වා තිබෙනවා.

ජාතික දීපවාලි උත්සවය නිමිත්තෙන් සමරු තැපැල් මුද්දරයක්ද නිකුත් කරනු ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.