දිවයින පුරා රෝහල්වල අද උදෑසන 08 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අද අලුයම එම තීරණය ගත් බවයි.

සිය ගැටලුවලට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟතාව පළ කිරීම හේතුවෙන් වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ.