සිය අමතර රාජකාරි දීමනාවට අදාළ සංශෝධන සම්බන්ධයෙන් චක්‍රලේඛ කඩිනමින් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එම චක්‍රලේඛය නිකුත් කිරීමට ප්‍රමාද වුවහොත් ලබන 30 වනදායින් පසු රජයට දැනෙන ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

මේ අතර රජයේ වෛද්‍යවරුන්ට බලපා තිබෙන ගැටලු සම්බන්ධයෙන්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කරුණු පැහැදිලි කළා.