බදුල්ල – මහියංගනය ප්රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, බදුල්ල රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගේ ප්රධානත්වයෙන්.
ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එලෙස ජීවිතක්ෂයට පත් වුණේ 14 හැවිරිදි ගැහුණු ළමයෙක්, 35 හැවිරිදි කාන්තාවක් සහ 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.
බස් රථයේ සිටි තවත් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර කෙරුණා.
ඒ අතර කාන්තාවන් 22ක් සහ පිරිමි පුද්ගලයන් 14 දෙනෙකු සිටින බවයි පොලීසිය පැවසුවේ.
සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව අදාළ අනතුරු සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි බස් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බදුල්ල රෝහලේ ප්රතිකාර ලබමින් සිටින ඔහු හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එලෙස අනතුරට ලක් වුණේ බදුල්ල සිට අනුරාධපුරය දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්රවාහනය කරමින් සිටි බස් රථයක්.
එම බස් රථයේ ගමන් ගෙන ඇත්තේ අනුරාධපුර, තඹුත්තේගම ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.