සිය පියාගේ අභාවය සැලවීමත් සමග ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දුනිත් වෙල්ලාලගේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධනිලධාරියෙකු ද මෙරටට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපොළෙන් නිශ්කාශනය වූ ඔවුන් කටුනායක ගුවන් තොටුපොළෙන් කඩිනමින් පිටව ගිය බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාගේ මහතා අභාවප්‍රාප්ත වුණේ ඊයේ රාත්‍රියේයි. මියයන විට ඔහු 54 හැවිරිදි වියේ පසුවුණා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.