Published
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, ජාතික තරගකාරී ලංසු කැදවීමේ ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැදවීමෙන් අනතුරුවයි.
ඒ අනුව ලංසුකරුවන් 11 දෙනෙකු අතරින් වැඩිම මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුවන් දෙදෙනෙකු වෙත රුපියල් මිලියන 721යි දශම 2යි 5ක සහ රුපියල් මිලියන 167යි දශම 5ක වැට් සහිත මුදලකට එම අබලි ලෝහ බැහැර කිරීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.



