බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම දුම්රිය ස්ථානය ආසන්නයේ මුහුදුසීමා මාර්ගයේ වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිසාවටම නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටී ඇති බවයි.

එහිදී අදාළ ලොරි රථය සහ එක් මෝටර් රථයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවකට ඇදී ගොස් තිබෙනවා..

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ එම අවහිරතා ඉවත් කර තෙක් දුම්රිය ධාවනය එම ස්ථානයෙන් එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදවීම් සහිතව දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.