Published
වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරිවලින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වීමට දුම්රිය නියාමක සංගමය ගත් තීරණය අත්හිටුවා තිබෙනවා. ඒ, නව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. දුම්රිය ප්‍රවේශ පත්‍රයේ කිසිවෙකුගේ හැඳුනුම්පත් අංකයක් නොමැති අවස්ථාවක රුපියල් 3,000ක මුදලක් ගෙවා අතිරේක පත්‍රයක් නිකුත් කිරීමට දුම්රිය බලධාරින් ගත් තීරණයට එරෙහිව එම සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබුණා. කෙසේවෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාවේදී සිය ගැටලුවට විසඳුම් ලැබීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි දුම්රිය නියාමක සංගමය පැවසුවේ.