සිය වෘත්තීය ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසනවා.

සිය රියදුරන් මුහුණ දෙන පරිපාලන ගැටලු සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් මීට පෙර දුම්රිය බලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇතත් එම ගැටලුවලට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවන බවයි දුම්රිය රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ.