Published
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.