රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලු‍නුවල සවිකර තිබූ කේබල් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අදාළ සැකකරු විසින් තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.