අවදානම් සහිත පසුබිමක ජීවත්වන දරුවන් 14,000ක් මෙරට සිටින බවට සිදු කළ සංගණනයකින් අනාවරණ වී ඇතැයි පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පොලිස්පතිවරයා පැවසුවේ පොලීසියේ මූලික වගකීම නොවුනත් මෙරට අවදානම් සහිත දරුවන් රැකබලා ගැනීමට කටයුතු කරන බවයි.

දිනෙන් දින ඉහළ යන මාරාන්තික රිය අනතුරු අවම කිරීම සඳහා ජනතාවගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය බවද පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා. දූෂණයෙන් සහ වංචාවෙන් තොර දේශපාලන වටපිටාවක් සැකසීම සඳහා දූෂිත දේශපාලඥයින්ට එරෙහිව නව නීති ගෙන ඒමට අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.