බොරැල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුනා ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදු වුණේ බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේදීයි. අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. එහිදී එක් පුද්ගලයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත් වුණා. වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙකු අද දහවල් ජීවිතක්ෂයට පත්ව තිබුණා. මේ වන විට රෝහල්තගව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්ෂාන් බෙල්ලන මහතා අදහස් පළ කළා.

ඊයේ රාත්‍රී 8.40ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබූ බවයි පොලීසිය පැවසුවේ. එහිදී භාවිත කර තිබුණේ ටී 56 වර්ගයේ ගිනිඅවියක්.