Published
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් තනතුර සඳහා එන්.කේ.යූ. රෝහණ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ මහතා ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල්වරයා ලෙස මෙතෙක් කටයුතු කළා.
මීට පෙර සර්වේයර් ජනරාල්වරයා ලෙස කටයුතු කළ වයි.ජී. ඥාණතිලක මහතා පසුගිය පළමුවනදා සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.
මේ අතර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කේ.ටී.අයි. ප්‍රේමතිලක මහතා පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන ශ්‍රේණියේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස මේ දක්වා කටයුතු කළා.