Published
දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් ඇති ස්ථානයක් වන ඇල්ල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නාය යෑමේ දැඩි අවදානමකට ලක්වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා
ඒ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කඩිනම් විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පවසා සිටියේ
කන්ද මැද කොටසේදී මීටර් 250 කට වැඩි දිග කොටසක අඩි පහක් පමණ ගැඹුරට හා අඩි දෙක තුනක් පළලට භූමියේ පැල්මක් නිරීක්ෂණය වන බවද ප්‍රදේශවාසීහු අදාල අංශ දැනුම්වත් කර තිබෙනවා.
තවද මෙම ප්‍රදේශය විශාල ගල්පර්වත සහිත බැවින් නාය යාමක් සිදුවුවහොත් ජනතාව පදිංචිව සිටින විශාල ප්‍රදේශයකට හා ගොවි බිමකටද හානි විය හැකි බව ප්‍රදේශවාසින් පවසන්නේ





