Published
මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබද අවසන් තීරණය අද පස්වරුවේ දැනුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා මහජන උපයෝගිත කොමිෂන් සභාව විසින්.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභා කාර්යාලයේදී අද පස්වරු දෙකට පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවකදී විදුලි ගාස්තු සංශෝධනය පිළිබද අවසන් තීරණය දැනුම්දීමට නියමිතයි.
විදුලි ගාස්තු සියයට 13යි දශම 5යි 6කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙසටයි විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුණේ.




