වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට පිවිසෙනවා.
ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිවයි. පෙරවරු 10යි 30ට එම තරඟය ඩුබායිහිදී ආරම්භවීමට නියමිතයි.
තමන් සහභාගි වූ පළමු තරඟය ජය ගැනීමට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත් වුණා.
ඒ, නේපාල කණ්ඩායම සමග පැවති තරඟය කඩුළු 08 කින් ජය ගනිමින්.
මේ අතර, වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.
ඒ, බංග්ලාදේශ සහ නේපාල කණ්ඩායම් අතරයි. එම තරඟාවලියේ පකිස්ථාක කණ්ඩායම සමග ඊයේ පැවති තරඟය ලකුණු 90කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වයස අවුරුදු 19න් පහළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 240ක් රැස් කළා.
කෙසේවෙතත් වයස අවුරුදු 19න් පහළ පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 150ක් පමණයි.




