දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුමෙන්ම සමාජ මාධ්‍ය තුල ‘පපා ජේක්’ Papa Jake නමින් ප්‍රසිද්ධව සිටින ජේක් ලාර්සන් මියගොස් තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 102ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ලාර්සන්, 1944දී නාසි ජර්මනියෙට එරෙහිව, උතුරු ප්‍රංශයේදී පැවති D-Day වෙරළ බැසීමේ මෙහෙයුමට සහභාගී වූ මිත්‍ර හමුදා සාමාජිකයෙක්.
ඔහු, Bulge සටනේදී ද එක්සත් ජනපද හමුදාව නියෝජනය කළ අතර, එවකට වයස අවුරුදු 19ක් වූ ඔහු උතුරු අයර්ලන්තයේ ලුර්ගන් නගරයේ ස්ථානගත වී සිට තිබෙනවා.
ඔහු මියයාමට සති තුනකට පෙර දෙවන ලෝක යුද්ධයේ විශේෂ මෙහෙයුමක් සිදුකළ “D-Day” නමින් හඳුන්වන දිනයෙ හි 80 වන සංවත්සරය සමරමින් විදෙස් මාධ්‍ය සමඟ සිදුකළ සම්මුක සාකච්ඡාව සඳහා එමී සම්මානයක් දිනා ගත්තේය.
සමාජ මාධ්‍ය වැලඳ ගත් ලාර්සන්ට TikTokහි අනුගාමිකයින් මිලියන 1.2 ක් සිටින අතර ඒ හරහා ඔහු දෙවන ලෝක යුද්ධයේ සහ ඔහුගේ මියගිය සගයන් සම්බන්ධ මතකයන් කථාකරමින් සමාජය සමඟ බෙදා ගනු ලැබුවා.
ඔහුගේ මිනිබිරිය මැකේලා ලාර්සන් සමාජ මාධ්‍ය හරහා පවසා ඇත්තේ ඔහු ජූලි 17 වනදා මියගිය බවත් අවසන් මොහොත දක්වාම ඉතාම සතුටින් ඔහු ජීවත් වූ බවත්ය.
දෙවන ලෝක යුද්ධයේදී බල්ජ් සටනේදී ඔහු එක්සත් ජනපද හමුදාවේ ද සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.