විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට දෛනිකව පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිළ ගණන් වලට භාණ්ඩ අළෙවි කළ විල්පත්තුවත්තුව ජාතික වන උද්‍යානයට ප්‍රවිෂ්ට වන ප්‍රධාන දොරටුව අසල පිහිටි ආපනශාලාව වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වි තිබෙනවා. මෙසේ වැටලනු ලැබුවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ප්‍රවිෂ්ඨ වන ප්‍රධාන දොරටුව අසල ඇති එකම ආපන ශාලාවයි. විදේශීය සංචාරකයින් පිරිසකට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැපයූ අනුරාධපුර එස්.එස්. කැබ්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂ සුනන්ද ධර්මසිරි මහතා මධ්‍යවේදියෙකු මගින් පාරිභෝගික පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ප්‍රියන්ත මහතා දුරකථනයකින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකරනු ලැබුවා. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ප්‍රියන්ත මහතාගේ විශේෂ නියෝගයක් මත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානාධිපති එල්.එම්.එස්.නාවිමන මහතා ඇතුලු විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල වැටලීම සිදුකර කර තිබෙනවා. මෙම ආපණ ශාලාව පරීක්ෂා කිරීමේදී විමර්ශන නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ රුපියල් 130යේ පාලන මිළට අලෙවි කළ යුතු ලීටර් එක හමාරේ පානීය ජල බෝතලය රුපියල් 200 ක අධික මිළකට අළෙවි කරන බවයි. ලීටර් එක හමාරේ පානීය ජල බෝතලයක මිල රුපියල් 130 කි. ඒ අනුව ලීටර් එකහමාරයේ පානීය ජල බෝතලයක් සඳහා රුපියල් 70ක මුදලක් මෙම ආපන ශාලාව වැඩිපුර අය කරගන්නා බවද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. ඊට අමතරව මෙම ආපනශාලාවෙන් දෙස් විදෙස් සංචාරයකින්ට අළෙවි කරන සියලුම ආහාර කෙටි අහාර සහ බීම මෙන්ම පානිය ජල බෝතල්වල මිළ වෙළඳපොලේ පවතින සාමාන්‍ය මිලට වඩා වැඩියෙන් අළෙවි කරන බවද විමර්ශන නිලධාරීන්ට දැන ගැනීමට හැකි විය. ඒ අනුව මෙම ආපනශාලාවේ කළමණාකරවරයා බැඳුම්කරයක් මත මුදා හැර ඇති විමර්ශන නිලධාරීන් ඔහුට සැප්තැම්බර් මස 11 වන දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියම කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් එම අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් මෙම වැටලීම සිදු කරනු ලැබුවා.
Published