දෙහිවලින් අද අලුයම වාර්තා වුණේ වෙඩි හුවමාරුවක තොරතුරුයි.
ඒ, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අතරයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 04යි 30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේ එහි සැඟව සිට තිබූ මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසට වෙඩි තබා තිබුණා.
එහිදී ඔහු මිය ගියා.
දෙහිවල පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගයේ දෙහිවල දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති සුපිරි වෙළඳසැළක රථගාලේදි ගොඩගේ සුදත් කුමාර නොහොත් “බස් අසිත” නැමැති පුද්ගලයාට වෙඩි තැබීමේ සිද්ධියට අදාල සැකකරුවකු කහතුඩුව පොලිස් වසමේ පාලගම, කහතුඩුවේ නිවසක සැගවි සිටින බවට විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ නිලධාරිට ලද තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව විශේෂ කාර්ය බලකා නිලධාරින් අද දින පිටව ගියේ එම නිවස පරික්ෂා කිරිමටයි.
එම අවස්ථාවේ දී නිවසේ සැගවී සිටි පුද්ගලයකු ටී 56 අවියකින් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තබා තිබුණා.
එහිදි ආරක්ෂාව සදහා එම නිලධාරින් ප්‍රතිපහාර එල්ල කර ඇති අතර එහිදි වෙඩි තැබු පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.
පසුව තුවාල ලැබු පුද්ගලයා මියගිය බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
එම වෙඩි හුමාරුවේ දි විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ද තුවාල ලැබුවා.
පසුව එම නිලධාරීන් අදාළ නිවස සෝදිසි කළා.
එහිදී ටී 56 අවියක්, උණ්ඩ සමග අත්අඩංගුවට ගැණුනා.
මෙම සිද්ධියෙන් මියගොස් තිබුණේ වයස අවුරුදු 41ක් වූ චාමර ජානක පොරගේ නම්වූ අයෙක්.
ඔහු විශේෂ කාර්ය බලකායේ සේවය කර 2011 වර්ෂයේ සේවය හැර ගොස් තිබුණා.
මෙම පුද්ගලයා මීට පෙර වෙඩි තැබීම් ගණනාවකට සම්බන්ධ බවටයි දැනටමත් තොරතුරු ලැබී ඇත්තේ.
දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සංවිධානත්මක අපරාධකරුවකු වන “කොස්මල්ලී” නැමැත්තාගේ වෙඩික්කරු ලෙස හඳුනාගෙන තිබෙනවා.