Published
මෙම වසරේ සිදු වූ දෙවන වෙඩි තැබීම ඊයේ රාත්‍රී කාලයේ දෙහිවල, මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදු වුණා.
එම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලීසිය පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාල හෝටලයට ඇතුළත් වී මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.
අනතුරුව අදාල හෝටලයේ හිමිකරු ඉලක්කර වෙඩි තැබීමක් සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
පොලීසිය සැක පළ කරන්නේ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවටයි.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 55 හැවිරිදි කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඒ අනුව මෙම වසර තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.




