Published
දෙහිවල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබිම සංවිධානාත්මක අපාරාධ කල්ලි දෙකක් අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.
දෙහිවල, ‘ක්වාටර්ස්’ ක්‍රිඩාපිටිය අසලදී සිදුකළ එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ 34 හැවිරිදි පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වුණා.
පාගමින් පැමිණ ඇති පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා “බඩෝවිට අසංක” නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිස් කණ්ඩායම් 03ක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



