දෙහිවල ‘ඒ’ ක්වාටර්ස් ක්‍රිඩාපිටිය අසල ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ පාතල කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් එම වෙඩි තැබීමට හේතුවී ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්වුණා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් සොයාගෙන නැහැ.