හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. පොලීසිය සැක පළ කරන්නේ හංවැල්ලේ ලලිත් කන්නංගර හෙවත් “බස් ලලිත්” නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටයි. මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන මෙම පුද්ගලයා අදාල ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිට බවට ද වාර්තා පළ වනවා. ඝාතනයට ලක් වූ ශාන්ත මුදුන්කොටුව මහතා, “බනා” යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන බවටයි පැවසෙන්නේ. ඔහු “හෝමාගම හඳයා” නැමති තවත් මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටද වාර්තා වනවා. ලලිත් කන්නංගර හෙවත් “බස් ලලිත්” නමැත්තා සහ හෝමාගම හඳයා අතර පවතින ආරවුලක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව මහතා මීගොඩ ප්‍රදේශයේදී ඊයේ දහවල් වෙඩි තබා ඝාතනය කෙරුණා. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ඔහු ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වුණේ. පසුව ඝාතනය සිදුවී සුළු වේලාවකින් වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසිය සමත් වුණා. ඝාතනය සඳහා යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 46 හැවිරිදි ඝාතනය වූ ශාන්ත මුදුන්කොටුව මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ සර්ව ජන බලය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බවටද පොලිසිය සඳහන් කළා.
Published