Published
යෞවන සමාජ පිහිටු වීම දේශපාලනීකරණයෙන් තොර විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ පොලීසියේ මෙන්ම යෞවන සමාජ තුළද දේශපාලනීකරණය වහා නතර කර යුතු බවයි.
කෙසේවෙතත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ දේශපාලනීකරණය වී ඇති යෞවන සමාජ ඉන් මුදාගැනීම ආණ්ඩුවේ අරමුණ බවයි. මේ අතර හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නිරාෂාන් විතානගේ මහතා පැවසුවේ යෞවන සමාජ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වයට විරෝධය පළ කිරීම සඳහා අද දිනයේ තරුණ තරුණියන් කොළඹට පැමිණීමට නියමිත බවයි.