හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සම්බන්ධ වූ චන්ද්‍රිකා ව්‍යාපෘතිය පිළිබඳ දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා. ඒ, ඊට අදාළව දේශපාලඥයින් දක්වන විවිධ අදහස් හේතුවෙන්. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ අදාළ චන්ද්‍රිකා ව්‍යාපෘතිය සිදු කර ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව බවයි.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැක්වූයේ මෙවන් අදහසක්. මේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.