ධූරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය අගෝස්තු මස 05 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වගන්තිය ප්‍රකාරව එම යෝජනා සම්මත විවාදය පැවැත් වීමට නියමිතයි.