Published
2022 වසරේ මැයි මස 9 වනදා ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවෙකු විසින් එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කළා.
එම තීන්දුවට එරෙහිව අරගලකරුවකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.




