එළඹෙන අගෝස්තු 05, 06 සහ 07 දින තුනේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාද කිරීම ලබන අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අගෝස්තු 06 වනදා පැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

අගෝස්තු 08 වන සිකුරාදාට යෙදී ඇති නිකිණි පොහොය හේතුවෙන් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ.