රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ, නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වන කේ. සී.කේ. කුමාර යන අයයි.
පැමිණිලිකරු විසින් දෙමටගොඩ, කොළොන්නාව පාරේ පවත්වා ගෙන යනු ලබන ආයතනයක 2025 වර්ෂයට අදාළ බදු නිශ්කාෂන වාර්තාතාව ලබා ගැනීමට කටයුතු කිරීමේ දී පසුගිය වර්ෂයන් සඳහා රුපියල් 1,100,000/-ක හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව දන්වා, එය ඉවත් කර, 2025 වර්ෂයට අදාළව නිශ්කාෂණ වාර්තාව ලබා දීම වෙනුවෙන් රුපියල් 100,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත.
එම මුදල රුපියල් 50,000 දක්වා අඩු කර, එකී අඩු කළ මුදලින් රුපියල් 42,000 ක මුදලක් 2025.07.03 වන දින ද, ඉතිරි රුපියල් 8,000 ක මුදල 2025.07.07 වන දින අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ දී ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ, නියෝජ්‍ය කොමසාරිස්වරයාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යාලයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර සිටියේ.