මෑත ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේදී රුපියල් බිලියන 50ක අතිරේක ආදායමක් වාර්තා කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව සහකාර කොමසාරිස්වරුන් 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් එම දෙපාර්තමේන්තු මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.