දිවයින පුරා ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම් යටතේ පුද්ගලයින් 1,025ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම යන බහුවිධ ප්රවේශයන් මගින් රට තුළ ව්‍යාපත්ව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම රටම එකට ජාතික මෙහෙයුමේ අරමුණ වනවා.
ඒ අනුව සිදුකළ මෙහෙයුම් යටතේ හෙරොයින් ග්‍රෑම් 354ක්, අයිස් ග්‍රෑම් 529ක්, ගංජා කිලෝ 124ක් සහ ග්‍රෑම් 282ක්, ගංජා පැළ 11,5176ක් කුෂ් ග්‍රෑම් 14ක්, හෂීස් ග්‍රෑම් 284ක්, මත්පෙති ග්‍රෑම් 791ක්, මදනමෝදක ග්‍රෑම් 42යි මිලිග්‍රෑම් 700ක්, මාවා කිලෝ 01 ග්‍රෑම් 598ක් මෙහිදී පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් නිකුත්කල දෛනික වාර්තාව පහතින්




