රුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකු සහ 43 සහ 22 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිටයි. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු‍ තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12යි ග්‍රෑම් 160ක ප්‍රමාණයක් පැකැට් වශයෙන් සකස් කර සගවා තිබියදී සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකාර ඉන්දීය ජාතිකයන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.