හෙට දිනයේ විවාදයට නියමිතව තිබුණේ විදුලි බල පනත ගැන බවත් ඊයේ දිනයේ Business Committee තුළ සාකච්ඡාවක් කැදවා එය සාකච්ඡාවට ලක් කර මෙය තාවකාලිකව නතර කර අධ්‍යාපනය පිළිබඳ විවාදයක් සිදු කළ යුතු බවට පැවසූ බවත් එම කරුණ ගැන විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කළ පසු පැහැදිලි ධවල පත්‍රිකාවක් නොමැතිව මෙම විවාදය පවත්වාගෙන යාම අසාර්ථක කාර්යක් බවත් ධවල පත්‍රිකාව කේන්ද්‍ර කර ගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විධිමත් සාකච්ඡාවක් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

අගමැතිවරිය ද මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කරුණු ඉදිරිපත් කළේ විධිමත් ධවල පත්‍රිකාවක් මගින් නොවන බවත් මෙම Power Point ඉදිරිපත් කිරීම පදනම් කර ගෙන මෙරට අධ්‍යාපනය සිදුවන්නට අදහස් කරන පරිවර්තනාත්මක වෙනස ක්‍රියාත්මක කිරිම Power Point ඉදිරිපත් කිරීමක් හරහා විවාදයට ලක් කිරිම සුදුසු නොවන බවත් අවම වශයෙන් මෙම විවාදය පවත්වන්නට නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විධිමත් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ අනුව විවාදය සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පවසා තිබෙනවා.

මේ සදහා දින 3ක විවාදයක් අවශ්‍ය බවත් පක්ෂ විපක්ෂ සියලු දෙනාටම පරිවර්තනාත්මක වෙනස ගැන අදහස් ඉදිරිපත් කරන්න ඇති බවත් හෙට දිනයේ මෙය පවත්වන්නේ නම් විධිමත් ධවල පත්‍රිකාවක් අවශ්‍ය බවත් එවැනි විධිමත් පත්‍රිකාවක් නොමැතිව Power Point ඉදිරිපත් කිරීමක් හරහා මෙම විවාදය සිදු කිරීම නිදහස් අධ්‍යාපනයට බාධාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා තිබුණා.