නැවතත් ආරම්භ වී ඇති මහ වැසි තත්වය හේතුවෙන් මුලතිව් මුහුදු සීමාව ඇතුළු උතුරු මුහුදු සීමාව නැවතත් රළු ස්භාවයක් ගෙන ඇති බව ධීවරයින් පවසනවා.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා නාවික නිළධාරීන් උතුරු පළාතේ ධීවරයින් වෙත පවසා ඇත්තේ මුහුදු කලාපය රළුව ඇති බැවින් ධීවර කටයුතු වෙනුවෙන් මුහුදු නොයන ලෙසයි.

මුලතිව්,මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කයන්හි මුහුදු සීමාවන් රළුව ඇති බවද ධීවරයින් පවසා තිබෙනවා.

මුලතිව් මුහුදු සීමාව රළුව ඇති අයුරු දැක්වෙන ඡායාරූප පහතින් දක්වා ඇත.