Published
කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව අද පෙරවරු 9.30ට රැස්වීම මහ නගර සභා රැස්වීම් ශාලාවේදී ආරම්භ වුනා
නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් ද නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා
මෙහිදී අදහස් දක්වමින් සාරංගිකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, මෙය ඡන්ද පනත අනුව සියලු දේ සිදුකළ යුතුව ඇති බවත් යෝජනා දෙකක් ඇති බැවින් ඡන්ද විමසීම රහස් ක්‍රමයට පවත්වන්නේ ද ? විවෘතව පවත්වන්නේ ද? යන්න පිළිබඳ ඡන්ද පත්‍රිකාවක් මඟින් සඳහන් කළ යුතුව ඇති බවය.
කෙසේ නමුත් මේවන විට නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ක්‍රමයට ඡන්දයක් පැවැත්වීම සඳහා යෝජනා වී තිබෙනවා.