උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර තිබෙනවා.
කොළඹ සිට පිට පළාත්වලටත් යළි අගනුවරට ඒමටත් හැකිවන පරිදි එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ඒකාබද්ධ දායකත්වයෙන්.
ඒ අනුව දැනට ක්‍රියාත්මක කාලසටහන්වලට අමතරව බස් සහ දුම්රිය ගමන්වාර යෙදවීම මගින් ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා.
නත්තල් උත්සවය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් අද සිට ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවන් සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා.




