එළඹෙන නත්තල් උත්සවය සමයේදී බාහිර විනෝදය සහ අනවශ්‍ය වියදම් අවම කර ගන්නැයි කිතුණුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. එම මුදල් ආපදාවට පත්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා ලබා ලෙසයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියේ.

 

අසිරිමත් නත්තල උදාවීමට තවත් ඇත්තේ දින තුනකටත් වඩා අඩු කාලයක්. ඒ මෙරට කිතුනු බැතිමතුන්ද ඊට සූදානම් වන ආකාරයක් මේ වන විටත් දක්නට ලැබෙනවා. කෙසේවෙතත් මෙවර නත්තලේදී අනවශ්‍ය වියදම් අවම කර ගන්නැයි කිතුනුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව එම මුදල් දිට්වා සුළි කුණාටුව සහ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් යොමු කරන ලෙසට ඉල්ලීමක් කරන බවයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ.

අර්ථවත් අයුරින් මෙවර නත්තල සමරන ලෙසටද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලීමක්ද කළා.