සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර බැංකු ගිණුම් සකස්කර හිමිනමකට රෝද පුටුවක් ලබා දෙන බව පවසා ආධාර මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් බැංකු ගිණුම් සකස්කර හිමිනමකට රෝද පුටුවක් ලබා දෙන බවට පවසා ජනතාවගෙන් ආධාර මුදල් ලබා ගෙන තිබෙන බවට පැමිණිල්ලේ සඳහන් කර තිබෙන බවයි. ඒ ආකාරයෙන් මේ වන විට රුපියල් තිස් අටදාහක මුදලක් බැංකු ගිණුමක තිබී අනාවරණය වූ බව සඳහන් කළ පොලිසිය මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අධිකරණයට සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකර අධිකරණයට එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් වරිය මෙම සිද්ධියට අදාළව වහාම විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.
Published