Published
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරඟයක් දැන් පැවැත්වෙනවා.
ඒ, නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 258ක් රැස්කර ගත්තා.
චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගුවා.
චමරි අතපත්තු ලකුණු 53යි.
විශ්මි ගුණරත්න ලකුණු 42ක් සහ හසිනි පෙරේරා ලකුණු 44ක් රැස් කළා.
අවසාන භාගයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට එසවූ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 55ක් රැස් කළේ පන්දු 28කදීයි.
ඊට හයේ පහර 01ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් වුණා.