Published
නේපාලයේ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත්කර තිබෙනවා. පැවති විරෝධතා හේතුවෙන් දින 5ක කාලයක් පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. නේපාල අග්‍රමාත්‍ය ධුරය සඳහා එරට හිටපු අගවිනිසුරුවරියක වන සුශිලා කාර්කි ඊයේ දිනයේ පත්කෙරුණා. ඒ අනුව විරෝධතා පැවති නේපාලයේ ජන ජීවිතයද යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එවන් පසුබිමක් තුළ අද දිනයේ කත්මන්ඩු අගනුවර ඇතුළු ප්‍රදේශවල වෙළඳසැල්, සාප්පු සංකීර්ණ යනාදිය විවෘත කර තිබෙනවා. සමාජ මාධ්‍ය සඳහා සීමා පැනවීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව එරට පුරා දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක වුණා. එය පාලනය කිරීමට ඇඳිරි නීතිය පැනවීමටයි එරට ආරක්‍ෂක බලධාරීන් කටයුතු කළේ. කෙසේවෙතත් පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් 51දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.