නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇතැයි පළවන වාර්තාවලට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද ප්‍රතිචාර දැක්වූවා.

ඒ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් හැදෑරීම අනිවාර්ය බවයි එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

ඒ අනුව අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට ඈදා අසත්‍ය ප්‍රචාර නොකරන ලෙසට ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉල්ලීමක් කළා.