උතුරු පාකිස්ථානයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ සංචාරකයින් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් අනතුරට ලක් වූ පුද්ගලයින් 03 දෙනෙකුගේ දිවි බේරා ගෙන් ඇති අතර තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අතුරුදන් වුවන් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක වනවා.

එම ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බවයි පකිස්ථාන රජය පවසන්නේ.

මේ වන විට පාකිස්ථානයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ස්වැට් ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සිය ශෝකය පළ කර තිබෙනවා.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු හැකි ඉක්මනින් අවසන් කරන ලෙසයි අගමැතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

එසේම පකිස්ථාන රජය වීසින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කලාපය පුරා වැසි තත්ත්වය අඛණ්ඩව පැවතිය හැකි බැවින් ගංඟා ඉවුරු සහ පහත් බිම් ප්‍රදේශ නැරඹීමෙන් වළකින ලෙසයි.