ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් හතර දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් එම උසස්වීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.

රාජ්‍ය බුද්ධි සේවාවේ රාජකාරි කළ එච්.කේ.ආර්. ප්‍රනාන්දු මහතා එලෙස නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කර රාජ්‍ය බුද්ධි සේවයේ රාජකාරි සඳහා අනියුක්ත කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මඩකලපුව කොට්ඨාසයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්.එස්. මෙන්ඩිස් මහතා බස්නාහිර පළාත රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.

නුගේගොඩ කොට්ඨාසයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එම්.යූ.පී. කලුපහන මහතා පත්කර ඇත්තේ මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ.ආර්.එන්. රාජපක්ෂ මහතා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.