Published
සාමකාමී පරිසරයක් පිහිටුවීමට අවශ්‍ය දායකත්වය නොපමාව පොලීසියට ලබා දෙන්නැයි නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළා. පොලීසිය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනගමින් පවතින බවත් අපරාධ රැල්ල මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවත් පොලිස්පතිවරයා පැවසුවා. ඒ, නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
දූෂිත පොලිස් නිලධාරින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලඥයින් මේ වන විටත් හඳුනාගෙන ඇති බවද පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවා.




