ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් 18 දෙනෙක් පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක් එලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් එම පත්වීම් සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. එලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ විනිසුරුවරුන්ගේ නාම ලේඛනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.